Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව ඓතිහාසික නගර කලාපයේ පොළොව අභ්‍යන්තරයෙන් පෞරාණික ඉදිකිරීම් රැසක ශේෂයන් සොයාගෙන ඇත.
පොළොන්නරුව ඇතුළු නගරයේ මීටර් තුනක පමණ පොළව අභ්‍යන්තරයෙන් මෙම නාගරික ඉදිකිරීම් සොයාගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසයි.
GPR යන කෙටි නාමයෙන් හැඳින්වෙන Ground Penetrating Radar යන්ත්‍රයක් භාවිත කරමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.
මෙම යන්ත්‍රයට පොළොව විනිවිද ගවේෂණය කිරීමේ හැකියාවක් පවතින අතර, පොළොව අභ්‍යන්තරයේ මීටර හතරහමාරක පහක පමණ ගැඹුරක් දක්වා එමඟින් නිරීක්ෂණය කළ හැකිය.
පොළොන්නරුව පෞරාණික නගරය මූලික වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදී පවතින අතර, පොළොන්නරුව පැරණි නගරය කේන්ද්‍රස්ථානය ලෙස ඇතුළු නුවර සැළකේ.
ගඩොලින් නිර්මිත ප්‍රකාරයකින් වටවූ හෙක්ටයාර 8.6ක පමණ චතුරශ්රාකාර භූමියක් ඊට අයත් වේ.
රේඩාර් යන්ත්‍රය මඟින් පරික්ෂාවට ලක්කර ඇත්තේ, එම ප්රදේශයයි.
පෞරාණික ගොඩනැගිලි ව්‍යුහයන්, පාදම්, පොකුණු ඇතුළු ශේෂයන් රැසක් මෙම නව සොයාගැනීමේ ගොන්නට අයත්ය.
”පොළොන්නරුවේ පොළව යට වැළලී ඇති පෞරාණික ඉදිකිරීම්වල නටඹුන් හෙළිකර ගැනීමට අපට හැකිවී තිබෙන්නේ පොළව විනිවිද බලන රේඩාර් යන්ත්‍රයෙන් ලැබුණු සංඥා වලින්. ඉන් අපට එහි සැකසුම් පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
කිසිම කැණීමකින් හෝ හානි කිරීමකින් තොරව මේ තාක්ෂණය මඟින් අපිට පැරණි ගොඩනැගිලි, පොකුණු වගේම උඳුන් වගේ දේවල් පවා වෙන්කර හඳුනාගන්න පුළුවන් වුණා.” යැයි ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කියේර් ස්ට්රික්ලන් පවසයි.
”නව තාක්ෂණය හැටියට පොළව විනිවිද සොයා බැලීමේ රේඩාර් යන්ත්‍රය පාවිච්චි කිරීමෙන් පර්යේෂණ කටයුතු සිදුකළා. එහිදී සම්පූර්ණ වශයෙන් ඇතුල් නගරය සියයට 80ක් පමණ සොයා බලන්න හැකියාවක් ලැබුණා.
වැදගත්ම කාරණය තමයි අපි දැනට පොළොන්නරුව ඇතුල් නගරයේ දකින්නේ පරාක්‍රමබාහු මාලිගාව, රැස්වීම් ශාලාව සහ තවත් පොකුණු කිහිපයක් පමණයි. නමුත්, මේ නවීන තාක්ෂණ ක්‍රමවේදය අනුව පොළව යට මීටර තුනක් පමණ ගැඹුරින් තවත් ගොඩනැගිලි, පාදම්, පොකුණු වගේම උඳුන් ආදි විශාල ප්‍රමාණයක් අපිට ලැබුණා.
මේ සොයාගැනීම තුළින් අපිට කිසියම් විදියක පොළොන්නරු යුගයටත් වඩා ඈත යුගයක පිළිබඳ සාක්ෂි තාවකාලිකව අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේ සොයාගැනීම්වලින් පසුව අපි පුරාවිද්‍යා කැණීමට භාජනය කිරීමෙන් අනාගතයේදී පොළොන්නරුව නගරය පිළිබඳ නිබඳව සංචාරකයන්ට විදිමත් ආකාරයෙන් දැකබලා ගැනීමේ කටයුතු සලසන්න බලාපොරොත්තු වෙනවා.” කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසයි.
වත්මන් රථගාල ලෙස පවත්වාගෙන යන ස්ථානයේ පොළව අභ්‍යන්තරයෙන් ද පෞරාණික ඉදිකිරීම්වල ශේෂයන් රැසක් සොයාගත් බව ද පර්යේෂකයන් පවසති.
කැළණිය විශ්ව විද්‍යාලය. ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යාපනය විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම පර්යේෂණය ක්‍රියාත්මක කර ඇත.
ලබන 26 වැනිදා ස්කෑන් පරීක්ෂණ කටයුතු අවසන් කෙරෙන අතර, ජුලි මාසයේදී එහි දෙවැනි කැණීම් ආරම්භ කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart