Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය ඝාතනය කිරීම සඳහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් රහසිගත සාකච්ඡා පවත්වා ඇතැයි බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ ගෙන එන වාර්තාවට අනුව, මෙම සාකච්ඡාවට මත්කුඩු ජාවාරම්වල යෙදී සිටින මහමොළකරුවන් රැසක්ම සම්බන්ධ වී සිට ඇතැයි පැවසේ.
මෙම දෙදෙනා යම් විදියකින් හෝ ඝාතනය කිරීමට නොහැකි වුවහොත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විවිධ ක්‍රම යොදා එම තනතුරින් ඉවත් කිරීමට ද සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී යැයි ද බුද්ධ අංශ වාර්තා සඳහන් කර ඇත.
ඒ සඳහා දේශපාලනඥයන් ඇතුළු අදාළ පාර්ශවවලට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවීමට ද සැලසුම් කර ඇති බව ද බුද්ධි අංශ වාර්තා කර තිබේ.
පොලිසිය අරඹා ඇති යුක්තිය මෙහෙයුම ඔවුන්ගේ ජාවාරම් කටයුතු වලට විශාල බාධාවක්ව ඇති හෙයින් එම මෙහෙයුම නතර කර ගැනීම මෙම සැලසුමේ ප්‍රධාන අරමුණ බවද හෙළිදරව් වී ඇත.
ප්‍රසිද්ධ පාතාල කල්ලි නායකයකු වන කුඩු සළිඳු නමැත්තාගේ ගෝලයකු වන ‘පියුමා’ නමැත්තා පසුගියදා ඩුබායි රාජ්‍යයේ සිටිය දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.
මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මෙම සැලසුම ඉක්මන්වී ඇත්තේ එම සිද්ධියෙන් පසුව බව බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart