February 20, 2024

වාහන ආනයනය අඛණ්ඩව සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“වාහන සීමා කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට සහ අපට අවශ්‍ය වාහන ප්‍රමාණය තීරණය කිරීමට අපි කමිටුවක් පත් කර තිබෙනවා,” යනුවෙන් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

“සෞඛ්‍ය අමාත්‍යංශට ඩබල් කැබ් රථ 21ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රෑම්ප් කෝච් තුනක් ඇතුළුව පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව වාහන 29ක් පමණ ආනයනය කර තිබෙනවා. මෙම රෑම්ප් කෝච් ගුවන් සේවා සඳහා භාවිත කෙරෙන්නේ,” ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%