February 20, 2024

මාර්තු මාසයේදී දියත් කිරීමට නියමිත අධ්‍යාපන ඩිජිටල්කරණ නියමු ව්‍යාපෘතිය සඳහා ගුරු පුහුණුවට මයික්‍රොසොෆ්ට්හි ප්‍රවීණයන්ගේ සහාය හිමිවන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ රුපියල් බිලියන 12ක සැළකිව යුතු මුදලක් අයවැය මගින් වෙන්කරමින් සිදුකෙරෙන 2024 පාසල් පෙළපොත් බෙදා හැරීම මාර්තු 1 වැනිදා වන විට පාසල් මට්ටමින් අවසන් කෙරෙනු ඇති බවයි.

ඇමැතිවරයාට අනුව, චීනය සමඟ සහයෝගයෙන් රුපියල් බිලියන 5ක වටිනාකමින් යුතු පාසල් නිල ඇඳුම්වලින් 80%ක් මේ වනවිට ලබාගෙන ඇති අතර ඒවා බෙදා හැරීම සිදු වෙමින් පවතී.

පාසල් කාලසටහන්, වාර සටහන් සහ අ.පො.ස. (උ/පෙළ) විභාග සූදානම් කිරීම්, ඉදිරි සති දෙක තුන තුළ චක්‍රලේඛ මගින් දැනුම් දීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සමගාමීව දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී පස්වරු 2.00 සිට 4:30 දක්වා වෘත්තීය හා තාක්ෂණ මාර්ගෝපදේශන පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රේමජයන්ත ඇමැතිවරයා සඳහන් කළේය.

42.31%
17.27%
32.76%