Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ මෙරට මාරක රිය අනතුරු 2200කින් මරණ 2557ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
2022 වසරේදී මාරක අනතුරු 2,395කින් මරණ 2,515ක් ද, 2021 වසරේදී මාරක අනතුරු 2,414කින් මරණ 2,513ක් ද සිදුව ඇති බව ඔහු පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව 2020 වසරේ මාරක රිය අනතුරු 2,242ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 2,829කි.
2019 වසරේදී මාරක අනතුරු 2,641ක් සහ මරණ 3,097ක් වාර්තා වී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව පැවසුවේ, 2023 වසරේ රිය අනතුරුවලදී වැඩිම මරණ සංඛ්‍යාවකට ගොදුරු වී ඇත්තේ පදිකයන් බවත්, එම මරණ සංඛ්‍යාව 740ක් ලෙසත් වාර්තා වී ඇති බවයි.
යතුරුපැදිකරුවන් 707 දෙනෙකුට ද රිය අනතුරු හේතුවෙන් ජීවිත අහිමි වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අඩුම මාරක අනතුරු වාහන කාණ්ඩ අතරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ කන්ටේනර් ට්‍රක් රථ අයත් බවයි.
ලංගම බස් රථ ආශ්‍රිතව මාරක රිය අනතුරු 75ක් ද කන්ටේනර් රථ අනතුරු 14ක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart