Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් ‘සිඳු’ ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.
සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනික මතකයක් බවට පත්වූ කවීෂ් විහඟ, මේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය හරහා රංගනයක නිරත වනවාද යන්නත් ඇතැම් අවස්ථාවල ප්‍රේරක්ෂකයාට අමතකව ගොස් තිබුණි.
වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතය තුළ ජීවත් වුණි.
ප්‍රේක්ෂකයා ප්‍රාර්ථනා කළේ සැබෑම සෝරත පොඩි හාමුදුරු නමකි.
ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.
ඒ සෝරත නමින් නම් නෙවෙයි.
ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.
මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.
ඒ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.
මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.
(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart