February 17, 2024

තලෙයිමන්නාරම ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය කළ 10 හැවිරිදි දැරිය දූෂණයට ලක්කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබේ.

එසේම ඇය ඝාතනය කර ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවද දැරියගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (17) පෙරවරුවේ යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකර තිබේ.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා රාත්‍රියේ අතුරුදන් වූ 10 හැවිරිදි දැරියගේ මළසිරුර 16 වැනිදා උදෑසන සොයාගෙන තිබිණි.

දැරියගේ මිත්තණිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම දැරියගේ මළසිරුර ඇය පදිංචි ස්ථානයේ සිට මීටර් 300ක පමණ දුරින් පිහිටි ඉඩමක තිබී සොයාගෙන ඇත.

ගෙවත්තක් නඩත්තු කිරීමට කුලියට ගත් අයෙකු විසින් දැරිය ඝාතනය කරන්නට ඇති බවටයි සැකකෙරේ.

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර සැමියාගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් බිරිඳ වෙන්වී ඇතැයි පැවැසේ.

මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී ඇයගේ යට ඇඳුම නොමැති බව අනාවරණය වී ඇති අතර, ඇය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට පොලිසිය සැකකරයි.

මේ තත්ත්වය තුළ අසල සිටි කාන්තාවක සැකකරුට ආහාර ලබා දෙමින් ඔහු සමඟ සුහදව සිට ඇත.

සැකකරු ඊයේ සවස ආහාර ලබාදෙන මෙම කාන්තාවගේ මිනිබිරිය වන දැරිය කඩයට රැගෙන ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වේ.

අසළ තිබූ සීසීටීවී කැමරා ආධාරයෙන් සහ ගම්වාසීන්ගේ සහාය ඇතිව සිදුකළ සෝදිසි කිරීම්වලදී දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.

42.31%
17.27%
32.76%