February 17, 2024

ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන්කරන තෙක් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් පවසයි.

ජූනි මස 30 වැනිදා දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඇමැති අලස් මීට පෙර පොලිසියට බලය පවරනු ලැබීය.

එම කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් නොකළහොත් ජුනි 30 වැනිදායින් පසුවත් මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.

මේ අතර, අද අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 613 ක් වාර්තා වී ඇති අතර, අපරාධ අංශයට අවශ්‍ය ලැයිස්තුවේ සැකකරුවන් 172 දෙනෙකු ද වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

හෙරොයින්, අයිස්, ගංජා, මාවා ඇතුළු මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන ඇත.

42.31%
17.27%
32.76%