February 16, 2024

‘Ni Hao Zhong Guo’ නම් වැඩසටහන යටතේ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000-3000 අතර පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිත ප්‍රථම චීන මැරතන් තරගයට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් පවසයි.

මීළඟ දෙවසරක කාලය තුළ අතිරේක චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා Ni Hao Zhong Guo වැඩසටහන යටතේ ගිවිසුමක් අවසන් කිරීමට ශිරන්ත පීරිස් පසුගියදා චීනයේ Chongqing නගරය වෙත ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ මැයි මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මැරතන් තරගයක් සංවිධානය කිරීමට යෝජනා වී ඇත.

ඉන් අනතුරුව උණවටුන වෙරළ තීරයේ සංවිධානය කරන මුහුදු ආහාර සැණකෙළියක් ද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මෙය වාර්ෂික උත්සවයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය කරයි.

Ni Hao Zhong Guo වැඩසටහනට අනුව, ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව සංචාරකයන් මිලියනයක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව ඉන් රුපියල් බිලියන 225 ක ආදායමක් උපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

42.31%
17.27%
32.76%