Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරැණි තෙමහල් නිවෙසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරු දෙදෙනකු බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාලඹේ ප්රදේශයේ විහාරස්ථානයක වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනකු බව පොලිසිය කියයි.
තම නිවෙසේ ඉබියතුරු කඩා හිමිවරුන් තිදෙනකු, තවත් පුද්ගලයකු බලෙන් රැඳීසිටින බවට නිවෙසේ හිමිකාරිය බව කියන කාන්තාවක කළ පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් මෙම හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
හිමිවරු දෙදෙනා 20 හා 14 වයස්වල පසුවන්නෝ වෙති.
මෙම නිවෙස එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනකුට අයිති බව පැවැසෙන අතර හිමිනමක විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්රයකින් එහි කොටසක් පවරා දුන් හෙයින් හිමිකාරීත්වය ඇති බව පවසා එම හිමිවරුන් නිවෙසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
එම නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් හිමිනමක සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart