Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලු සේවකයන්ගෙන් දේශපාලනිකව තෝරාගත් කොටසකට වැටුප් වර්ධක,වේතනාධික සහ අතිකාල ලබාදීමට සැලසුම් කෙරෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ සඳහා කළමනාකාර අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් සියලුම ප්‍රාදේශීය කළමනාකාරවරුන්ගේ සහභාගිත්වයෙන්, සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් සහ මානව සම්පත් කළමනාකාරගේ සහභාගිත්වයෙන් සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ප්‍රධාන කාර්යාලයේ සේවකයෝ පවසති.
සේවකයන් අනාවරණය කරන ආකාරයට, වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් තෝරාගත් වෘත්තීය සමිති කිහිපයක නිලධාරීන්ට සහ සේවකයන්ට වැටුප් වැඩිවන අයුරින් උසස්වීමිි පිරිනමා, අතිකාල දීමනාව ලබාදීමට මෙම ප්‍රාදේශීය කළමනාකාරවරුන්ට සහ අනෙකුත් කළමනාකාරවරුන්ට අවශ්‍ය රාජකාරියමය උපදෙස් ලබාදීමට මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත.
අතිකාල සේවාවන්වල සේවකයන් යෙදවීමට වර්තමාන සභාපතිවරයා මාර්ග උපදේශකයන් ලබා දී ඇති අතර, වාර්ෂික වේතනාධික ලබාදීම සිදුවන්නේ සේවය පැමිණීම, හැසිරීම පාදක කරගෙන අදාළ කළමනාකාරවරුන්ගේ නිර්දේශිත ලකුණු දැක්වෙන ලේඛනයකට අනුව බවත්, එය සම්මත රීතියක් බවත්, එය වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාට එය සිතූ පරිදි වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවත් පැවැසේ.
මේ පිළිබඳව කොලොන්නාව ගබඩා සංකීර්ණයේ සේවක පිරිසකගෙන් අප විමසීම් කළ අතර, ඔවුන් දැඩිව පවසා සිටියේ ඉන්ධන පිරවුම් කටයුතුවලට සම්බන්ධවන සහ බෙදාහැරීම් කටයුතුවලට සම්බන්ධවන සේවකයන් පිරිසකගේ අතිකාල දීමනා මූලික වැටුප නොඉක්මවා ලබාදීමට වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩපිළිවෙලක් එළි දක්වා ඇති බවයි.
එමගින් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වන කාර්යාංශවල සේවකයන්ට හදිසි අත්‍යවශ්‍ය සේවාවකදී සේවාවන්වල නිරතවීමට ඇති ඉඩප්‍රස්ථාව අවහිර වන බව පැවැසේ.
එමගින් ඉන්ධන බෙදාහැරිම්වලට යම් බලපෑමක් එල්ල විය හැකි බවද ඔවුහුන් අප සමග පවසා සිටියහ.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් තොගබඩා පර්යන්ත සමාගම 2021 වසරේ සිට මේ දක්වා පිරිස් බල සැකැස්මක් හෝ නිවැරදිව සකස් කර නොමැති බවත්, එය කම්කරු නීතියට පටහැනි බවත් ප්‍රබල වෘත්තීය සමීපයක නියෝජිතය නියෝජිතයකු අපට පවසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart