February 14, 2024

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එරට ජනාධිපති ලූලා ද සිල්වා වෙත කරන ලද ආරාධනය පිළිගෙන ඇති බවයි.

බ්‍රසීල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් කලාපයේ ලේකම්, තානාපති එඩුවාඩෝ පේස් සබෝයා පසුගිය සතියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 76 වැනි නිදහස් දින පිළිගැනීමේ උත්සවයේදී මේ බව තහවුරු කර ඇත.

ජනාධිපති ලූලා ද සිල්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට උනන්දුවෙන් පසුවන බව තානාපති සබෝයා ප්‍රකාශ කර තිබේ.

2023 දෙසැම්බරයේ COP28 උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ බ්‍රසීලයේ නායකයන් ඩුබායිහිදී පැවැත්වූ සාකච්ඡා සිහිපත් කළ ඔහු, 2024 දී දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට තවත් අවස්ථා ලැබෙනු ඇති බව පවසා ඇත.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සිය දේශනයේදී, 2022 නොවැම්බර් මාසයේ පළමු වටයේ දේශපාලන උපදේශන වටය පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර සබඳතා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වාදී තිබේ.

42.31%
17.27%
32.76%