Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපනයන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් රජය සතු ඉඩම් දිගුකාලීන බදු පදනම මත ව්‍යාපාර සඳහා ලබාදෙන බව කැබිනට් ප්‍රකාශකවරයා පවසයි.
අපනයනය කළ හැකි භෝග වගා කිරීමටත්, අපනයනය සඳහා පශු සම්පත් ගොවිපළවල් ඇති කිරීමටත්, අපනයනය කළහැකි වෙනත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමටත් හැකියාව ඇති ආයෝජකයන්ට දීර්ඝ කාලීන බදු පදනම මත ඌන උපයෝජිත ඉඩම් ලබාදීමට නියමිත බව ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අද පැවැසීය.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි රජයේ වැවිලි ආයතන සතු ඉඩම් විශාල ප්‍රමාණයක් නීතිමය ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය වැනි විවිධ හේතූන් මත දීර්ඝ කාලයක් වගාවකින් හෝ ඵලදායි භාවිතයකින් තොරව පවතින බව ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
“දේශීය ව්‍යවසායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ ගෙනදෙන අයුරින් එම ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා වැවිලි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන ඇමැතිවරයා විසින් සකස් කර තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart