February 13, 2024

ලබන මාර්තු මාසයට පෙර විදුලි ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඊට අදාළ වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකරන බව එහි සභාපති මංජුල ප්‍රනාන්දු සඳහන් කරයි.

මහජන අදහස් සඳහා ලියාපදිංචි වීමේ කාලය ඊයේ අවසන් විය.

මහජන අදහස් විමසීමෙන් අනතුරුව, කොමිසම රැස්වී ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කරයි.

සභාපතිවරයා පවසන්නේ, එම කටයුතු මාර්තු මාසයට ආරම්භයට පෙර අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.

2023 වර්ෂයේ ලංකා විදුලි බල මණ්ඩලය උපයා ගත් ලාභය සහ 2023 වර්ෂය අවසන් වන විට පැවති යහපත් ජල විදුලිය ධාරිතාව සැළකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපක් කරන ලෙස පසුගියදා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා තිබිණි.

ජනවාරී 16 වැනිදා 3.34% විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ ඒ අනුවය.

එම යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විධිමත් නිරීක්ෂණයක් සිදු කළ මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි 23 වැනිදා ඊට අදාළ ලේඛනයක් ඉදිරිපත් කර තිබිණි.

කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව 2024 වර්ෂය සඳහා මෙගාවොට් සීයක විදුලිය මිලදී ගැනීමක් යෝජනාවට ඇතුළත් කර ඇති බවත්, ජනන බලපත්‍ර නොමැති විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට ලංවිම යෝජනා කර ඇති බවත් එහි සඳහන් වේ.

42.31%
17.27%
32.76%