Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත්කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇත.
සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.
මෙම ප්‍රකාශය මුල්කරගෙන අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එදින එම අනතුර සිදුවූ කාල වකවානුව තුළ අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහන සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා දර්ශන කිහිපයක්ද උපයෝගී කරගෙන පරික්ෂා කිරීමක්ද සිදුකර ඇත.
එහිදී පෙනී ගොස් ඇත්තේ, අනතුර සිදුවූ කාල පරාසය තුළ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර ඇත්තේ එකම සුදු පැහැති මෝටර් රථයක් බවයි.
එම රථයද ජා-ඇළ පසුකරමින් කොළඹ දෙසට ගමන් කර ඇත්තේ අනතුරු සිදුවීමට බොහෝ වෙලාවකට පෙර බව නිරීක්ෂණය වී ඇත.
එම මෝටර් රථයේ රියදුරු හඳුනාගෙන ඔහුගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එම රියදුරා පවසා ඇත්තේ තමා සාමාන්‍ය වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළා මිස අධික වේගයෙන් වාහනය ධාවනය නොකළ බවය.
තමා වාහනය ධාවනය කරන කාල පරාසය තුළ රිය අනතුරක් හෝ එවැනි සිදුවීමක් සිදූ නොවූ බව ද ඔහු පවසා ඇත.
ඒ අනුව සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා ගමන් කළ මෝටර් රථයේ ගැටණු කන්ටේනර් රථයේ රියදුරුගෙන් ඊයේ (12) පැය පහක පමණ කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එහිදී එම රියදුරුද පවසා ඇත්තේ අනතුර සිදුවූ අවස්ථාවේදී සුදු පැහැති හෝ වෙනත් කිසිදු මෝටර් රථයක් කන්ටේනර් රථය ඉස්සර කර මින් ගමන් කළ බව තමන්ගේ මතකයේ නැති බවය.
ඔහුට මතකයේ ඇත්තේ පිටුපසින් වේගයෙන් පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පැමිණි වාහනය කන්ටේනරයේ පිටුපස කොටසේ ගැටී සිදුවූ අනතුර පමණි.
දීර්ඝ වශයෙන් කන්ටේනර් රථ රියදුරුගෙන් ලබා ගත් ප්‍රකාශවලින් ද පෙනීගොස් ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ දී වෙනත් රථයක් රාජ්‍ය ඇමැතිවරයා ගමන් කළ මෝටර් රථය ඉස්සර කිරීමට නොගොස් ඇති බවය.
හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් කරමින් සනත් නිශාන්තගේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබූ අතර එම පැමිණිල්ලද මෙම විමර්ශන කිරීමට හේතුවක් වී ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart