Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපක්රමශීලීව ඔවුන්ගේ කටයුතු සිදුකරන නිසා තව මාස හයක්වත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගාල්ලේ පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී මෙම ජනමාධ්‍ය සාකච්ඡාව පවත්වා තිබේ.
එහිදී ඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ සඳහන් කර ඇත.
“යුක්තිය මෙහෙයුම ආරම්භ කරන ලද පසුගිය දෙසැම්බර් 17 වන දින සිට 11 දින දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 18,445ක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 147ක් ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 260ක් ද, ගංජා කිලෝග්රැම් 2700ක් සහ ගංජා පැළ 363,438ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වගේම යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැකකරුවන් 50,999ක් ද, සැකකාරියන් 1,377ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර 1835කට රඳවා ගැනීමේ නියෝග ලබාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපක්රමශීලීව ඔවුන්ගේ කටයුතු කරන නිසා තව මාස හයක්වත් මේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුයි.
මත්ද්‍රව්‍ය හිඟවීමත් සමග විවිධ කරල් වර්ග භාවිත කරන බවට අනාවරණය වී ඇති අතර සංවිධානාත්මක අපරාධකරුවන්ට සල්ලි තිබෙන නිසා වෙඩික්කරුවන් ඇතුළු ඔවුන්ගේ ක්‍රියාවන්ට අවශ්‍ය පුද්ගලයන් සල්ලිවලට ගැනීමේ හැකියාව තිබෙන නිසා මේ අපරාධ වැළැක්වීමට ජනතාවගේ සහාය අවශ්‍යයි.
ගංජා හේන් වැටලීම සඳහා ඩ්‍රෝන කැමරා යොදා ගන්නා අතර ඒ සඳහා විශේෂ කාර්ය බළකාය විශාල සහායක් ලබා දෙනවා. බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවදුරටත් විමර්ශන කටයුතු කරමින් පවතිනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ද දිවයිනේ විවිධ ප්‍රදේශවල වැටලීම් සිදුකර නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මිලියන හත්සිය පනහකට අධික දේපළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.”(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart