February 11, 2024

නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ සිට හිරු උදාව සංචාරකයින්ට නැරඹීමේ අවස්ථාව ළඟදීම සළසා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ, නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ පසුගිය 09වැනිදා සිදුකළ නිරික්ෂණ චාරිකාවක දී ය.

සදතැන්න (MOON PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ දුරකින් පිහිටි සුන්දර සංචාරක කලාපයකි. නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ පසුකර තවත් කි. මී. 3 ක් ගිය තැන සදතැන්න හමුවන අතර මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුතු සදතැන්න අවට ප්‍රදේශය ම අංශක 360 ක දර්ශනය නැරඹීමට කදිම ස්ථානයකි .

ශ්‍රී ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනයවීම සදතැන්නේ විශේෂත්වයකි.

ස්භාවධර්මයේ අපූරු නිර්මාණයක් වූ සදතැන්න ප්‍රදේශය නැරඹීමට යාහැකි වන්නේ සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ අසලට පැමිණ ගමන් කිරීමෙනි. මෙහි ඇති මනස්කාන්ත භූමි දර්ශන මෙන්ම පාරිසරික සුන්දරත්වය ලංකාවේ කිසිදු ස්ථානයක දැකගත නොහැකිය.

එමෙන්ම එහි හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කළේය. මෙම ප්‍රදේශයට සංචාරය කරමින් මෙම සංචාරක කලාපයේ පවතිව අඩුපාඩු පිළිබදව පැමිණ සිටි පිරිස සමගද සකච්ඡා කළ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසයි.(දිනමිණ)

42.31%
17.27%
32.76%