February 11, 2024

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම මේ වසරේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් තහවුරු කර ඇත.

ඉන්දියාවේ WION පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඔහු එහිදී අසන ප්‍රශ්න කිහිපයකට මෙසේ පිළිතුරු ලබාදෙයි.

WION : මේ වසරේ මැතිවරණ පැවැත්වෙනවාද?
රනිල් වික්‍රමසිංහ : ඔව්, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම

WION : ඔබ නැවත තේරී පත්වන බවට ඔබ සුබවාදීව සිතනවද?
රනිල් වික්‍රමසිංහ : මම නැවත බලයට පැමිණීමට නම් මම තරඟ කළ යුතුයි

WION : ඔබත් තරග කිරීමට සැලසුම් කරනවාද?
රනිල් වික්‍රමසිංහ : ආර්ථිකය ඉදිරියට ගෙන යෑම තමයි වැදගත්

කෙසේවෙතත් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සෘජු පිළිතුරක් ලබාදෙන්නේ නැත.

42.31%
17.27%
32.76%