Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕනෑම දකුණු ආසියාතික රටක් සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාව වැඩිම ගෘහස්ථ විදුලි පිරිවැයක් දරන රට ලෙස වාර්තා වෙයි.
සංසන්දන වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවුල් ඒකකයක් දකුණු ආසියාතික රටවල ඔවුන්ගේ සගයන්ට සාපේක්ෂව විදුලිය සඳහා දරන පිරිවැය 2.5ත් 3ත් අතර ගුණයකින් වැඩි බවයි.
ශ්‍රී ලංකාව 2023 වසරේ පෙබරවාරි, ජූලි සහ ඔක්තෝබර් මාසවලදී සිය විදුලි ගාස්තු තුන් වතාවක් සංශෝධනය කළේය.
එම වැඩිවීම සඳහා ප්‍රකාශිත පදනම වූයේ, විදුලිය සැපයීමේ සම්පූර්ණ පිරිවැය අයකර ගැනීමයි.
2024 පෙබරවාරි මාසයේදී විදුලිය සඳහා තීරුබදු අඩු කිරීමක් රජය සැලසුම් කර ඇත.
එම නව ව්‍යුහය නිසා විදුලි බිල 4%ක් හෝ ඊට අඩු පිරිවැයකින් අඩු වනු ඇත.
එබැවින්,එය දකුණු ආසියාවේ කුටුම්භ විදුලිය සඳහා ගෙවන මුදල මෙන් 2.5ත් 3ත් අතර ගුණාකාරයකින් ගෙවන ශ්‍රී ලංකාව කලාපයේ විදුලිය සඳහා ඉහළම මිලක් ගෙවීමේ තත්ත්වයෙන් ඉවත්වීමට හේතුවක් නොවනු ඇත.
අදාළ විශ්ලේෂණය පදනම් වී ඇත්තේ විදුලිය සඳහා රජයේ බදු අයකිරීම් හැර තනි-කලාව මාර්ගවල(single phase) මසකට විදුලි ඒකක 100 සිට 300 දක්වා පරිභෝජනය කරන කුටුම්භ සංසන්දනය කිරීම මතය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒකක 100ක් පරිභෝජනය කිරීම සඳහා රුපියල් 5,280ක් වැය වන අතර දකුණු ආසියාවේ එහි සාමාන්‍යය රුපියල් 2,078ට සමාන වේ.
ශ්‍රී ලංකාවේ ඒකක 300ක් පරිභෝජනය කිරීම සඳහා රුපියල් 21,860ක් වැය වන අතර දකුණු ආසියාවේ සෙසු රටවල එහි සාමාන්‍යය රුපියල් 7,340ට සමාන වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart