February 8, 2024

නෙදර්ලන්තයේ 57 හැවිරිදි බර්ට් ජැන්සන්, 1980 ගණන්වල වයඹ ලන්ඩනයේ උක්ස්බ්‍රිජ්හි හාර්ෆීල්ඩ් රෝහලේදී ඔහුට ලැබුණු හදවත සමඟ වසර 40කට ආසන්න කාලයක් ජීවත්ව ඇත.

ඔහුට හදවත දුන් පරිත්‍යාගශීලියාගේ “ඇදහිය නොහැකි තෑග්ගට තවමත් කෘතඥ වෙනවා” යැයි ඔහු පවසයි.

වයස අවුරුදු 17 දී උණ වැනි රෝග ලක්ෂණ ඇති වීමෙන් පසු ජැන්සන්ට හෘද රෝගයක් ඇති බව හඳුනාගෙන තිබේ.

එවකට නෙදර්ලන්තයේ මෙවැනි ශල්‍යකර්මයක් සිදුකර නොතිබිණි.

ශල්‍යකර්මය කරන විට ඔහු 18 හැවිරිදි වියේ පසුව ඇත.

“සියල්ල ඉතා වේගයෙන් සිදුවුණා. හාර්ෆීල්ඩ් වෙත පැමිණ සතියකට පසුව, ලන්ඩනයේ සිදුවූ විශාල රිය අනතුරකින් හදවත් දෙකක් ලබාගැනීමට හැකි වුණා. ඉන් එකක් එක්ක මට ගැලපීමක් ඇතිවෙලා හදවත බද්ධකළා.”

ඔහුගේ සැත්කම හාර්ෆීල්ඩ් රෝහලේ 107 වැනි බද්ධකිරීම විය.

පළමුවැන්න 1980 දී Sir Magdi විසින් සිදු කරන ලද අතර, එතැන් සිට එම මධ්‍යස්ථානය හදවත් බද්ධ කිරීම් දහස් ගණනක් සම්පූර්ණ කර ඇත.

NHS Blood and Transplant වෙබ් අඩවියේ දත්ත වලට අනුව, පසුගිය සතිය වන විට එක්සත් රාජධානියේ සක්‍රීය බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයේ වැඩිහිටියන් 7,314ක් සිටි අතර, වයස අවුරුදු 18ට අඩු රෝගීහු 248 ක් ද සිටිති.