Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 3 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජනපදය ප්‍රමුඛ ‘Operation Prosperity Guardian’ මෙහෙයුමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ යුද නෞකා දෙකක් යෙදවීමට තීරණය කර තිබුණද, එය ප්‍රයෝගික නොවන බවට අදහස් ඉදිරිපත් වී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිසිදු යාත්‍රාවක් මිසයිල බිම හෙළීමට සන්නද්ධ නොවීමයි.
යේමනය පදනම් කරගත් හූතිවරුන් විසින් එල්ල කරනු ලබන මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අවම වශයෙන් එක් සම්පුර්ණ යාත්‍රාවක් හෝ රතු මුහුදට යෙදවීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බව විවිධ මුලාශ්‍රද වාර්තා කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද රතු මුහුදේ ‘Operation Prosperity Guardian’ මෙහෙයුම සඳහා යාත්‍රා යෙදවීමට දැඩි ලෙස විරුද්ධ වී තිබේ.
මෙම මෙහෙයුම සඳහා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ග්‍රීසිය, නෙදර්ලන්තය සහ බහරේනය යන රටවල්ද සම්බන්ධ වී ඇත.
හදිසි අවස්ථාවකදී යෙදවිය හැකි යාත්‍රා ඉන්දියාව සතු වුවද, මෙම මෙහෙයුම සඳහා ඉන්දියාව සම්බන්ධ නොවීම විශේෂත්වයක් වේ.(The Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart