Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භෝග ආරක්ෂා කර ගැනීම සඳහා වගා හිමිකරුවන්ට පතරොම් තුවක්කුවක අයිතිය ලබා ගැනීමට කලින් නියම කළ අක්කර පහක භූමි ප්රමාණය අක්කර දෙකක් දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්යංශය තීරණය කර තිබේ.
වල් ඌරන්, රිලවුන් සහ දඬු ලේනුන් වගාවන් විනාශ කර දැමීම නිසා බොහෝ ගොවීන් සිය වගාවන් අත්හැර දමා ඇති බවත්, සිදුව ඇති හානිය සියයට පනහ ඉක්මවා ඇති බවත් අමාත්යංශය පවසයි.
එබැවින් වන සතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට දැනට සුදුසු විකල්පයක් නොමැති බැවින් ගොවීන්ගේ යෝජනා ක්රියාත්මක කිරීමට රජයට සිදුව ඇති බව අමාත්යංශය පෙන්වා දෙයි.
2023 වසරේදී වන සතුන් විසින් මෙරට පොල් වගාවෙන් මිලියන 300ක් විනාශ කර ඇති බව අමාත්යංශය පවසයි.
2022 දී පොල් ගෙඩි මිලියන 96ක් රිලවුන් සහ දඬු ලේනුන් විසින් විනාශ කර ඇති බවට ගණන් බලා තිබේ.
දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ මෙම වන සතුන් මුළු වගාවෙන් සියයට 40ක් පමණ විනාශ කරන බවයි.
වන සතුන්ගෙන් බෝග ආරක්ෂා කර ගත හැකි නම් නව බෝග වගා නොකර මෙරටට ආහාරවලින් ස්වයංපෝෂිත විය හැකි බව අමාත්යංශය පවසයි.
මේ අතර, අමාත්යංශය පැවසුවේ ශ්රී ලංකාවට ආවේණික රිලවුන් 100,000ක් චීනයට අපනයනය කිරීමට එරෙහිව වනජීවී හා සොබා ආරක්ෂණ සංගමය, තවත් සංවිධාන කිහිපයක් සහ පුද්ගලයන් ඇතුළු මුළු පෙත්සම්කරුවන් 30 දෙනෙක් විසින් අභියාචනාධිකරණය හමුවේ ඇමැතිවරයාට එරෙහිව රිට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart