February 8, 2024

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ජනවාරි 24 වැනි දින සම්මත කළ බව ප්‍රකාශ කරන මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනතේ ප්‍රගතිය එක්සත් රාජධානිය සමීපව නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කර තිබේ.

මෙම පනත සම්මත කරගෙන තිබුණේ අන්තර්ජාතික අන්තර්ජාල සේවා සපයන්නන් සහ වෙනත් විවිධ පාර්ශ්ව විසින් කණස්සල්ල පළකර තිබියදීය.

එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලය භාර රාජ්‍ය ඇමැති Anne-Marie Trevelyan එරට පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ, සිවිල් සමාජය, විරුද්ධ පක්ෂ සහ අන්තර්ජාතික අන්තර්ජාල සපයන්නන් ඔන්ලයින් ආරක්ෂණ පනතෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රකාශ කළද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනවාරි 24 වැනි දින එය නීතියක් බවට පත්කර ඇති බවයි.

තමා ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ විට සහ දකුණු ආසියානු කටයුතු භාර රාජ්‍ය ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනවාරි 25 වැනි දින විදේශ ඇමැති අලි සබ්රි හමුවූ අවස්ථාවේ දී ,ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ ආර්ථික වර්ධනයට මෙම පනතේ බලපෑම පිළිබඳ එක්සත් රාජධානිය අවධානයෙන් පවසා ඇත.

42.31%
17.27%
32.76%