Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු වෙනුවෙන් සුදුස්සන් බදවා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේදී අක්‍රමිකතා සිදුවීම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව ඇති බව වාර්තා වේ.
අධ්යක්ෂ ජෙනරාල්, අධ්යක්ෂ (පරිපාලන),අධ්යක්ෂ (මූල්‍ය) ,මාණ්ඩලීය ලේකම්/නීතී නිළධාරි ආදී තනතුරු සහ අභ්‍යන්තර තනතුරු රැසකට බඳවා ගැනීමට කැඳවූ අයැදුම්පත් සම්මුඛ පරික්ෂණය සඳහා කැදවීම් නොකර තමන්ට හිතවත් පුද්ගලයන් පමණක් බඳවාගැනීමට ආයතන පරිපාලනය තීරණය ඇති බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, අධ්යක්ෂ ජෙනරාල් තනතුර සදහා ලැබුණු අයැදුම්පත්වලින් තුනක් පමණක් අධ්යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් දෙදෙනකු පමණක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඔවුන් දෙදෙනාම නුසුදුසු අය ලෙස නම්කර පුරප්පාඩු පිරවීම නතර කර ඇත.
අයැදුම්පත් කැඳවීමේ දී පළකරන පුවත්පත් දැන්වීම අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර, එහිදී අයැදුම්පත් එවිය යුතු ලිපිනය “සභාපති, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙස සඳහන් වුවත් පළකරන ලද පුවත්පත් දැන්වීමේසඳහන්ව ඇත්තේ අයැදුම්පත් එවිය යුත්තේ “අධ්යක්ෂ ජනරාල්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙසය.
ආයතනයේ සේවකයන් පවසන්නේ, දැනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිට මෙම ආයතනයේ වැඩබැලීමට පැමිණෙන අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙම මණ්ඩලයෙන් තමන්ට ලැබෙන තනතුර, දීමනා හා වරප්‍රසාද නව අධ්යක්ෂ ජෙනරාල්වරයකු පත්වුවහොත් අහිමි වන බැවින්, මෙම තනතුරු පුරප්පාඩුව පිරවීම අවහිර කර ඇති බවයි.
ඊට අමතරව අධ්යක්ෂ (පරිපාලන) සදහා ලැබුණු අයැදුම්පත් තුනෙන් එක් අයකුටවත් සුදුසුකම් නොමැති බව පවසා සම්මුඛ පරික්ෂණයට කැඳවා නොමැත.
අධ්යක්ෂ (මූල්‍ය) තනතුර සඳහා ද අයැදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් එක් අයකු පමණක් සම්මුඛ පරික්ෂණයට කැදවා තිබේ.
මේ අකාරයට මාණ්ඩලික ලේකම් / නීතී නිළධාරි තනතුර සදහා අයැදුම්පත්‍ර පහක් ලැබී ඇති අතර ඉන් දෙදෙනකුට පමණක් සම්මුඛ පරික්ෂණයට කැඳවා ඇතත්, ඉන් එක් අයකු පමණක් පැමිණ ඇත.
එම තැනැත්තාවම එම තනතුරට තෝරාගෙන ඇති අතර ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ ඥතියකු බව වාර්තා වේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අධ්යක්ෂවරුන් 11 දෙනකුගෙන් සමන්විත වන අතර, එය ආයුර්වේද දෙපාර්තමේන්තුව, රේගු,අධ්‍යාපන, සෞඛ්‍ය, මුදල්, පොලිස්පති ආදී ආයතන සහ ප්‍රධනීන්ගේ නියෝජිතයන් හා මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝජිතයන් 03 දෙනකුගෙන් ද සමන්විත වේ.
ඇමැතිවරයාගේ නියෝජිතයන් 03දෙනා හැර අනිත් සියලුමදෙනා මසකට වරක් පැවැත්වෙන මාණ්ඩලීය රැස්වීමට සහභාගි වී, අදාළ දීමනා ලබාගැනීමට පමණක් කටයුතු කරන බවත්, මෙවැනි වංචනික ක්‍රියා කෙරෙහි නිසි අවධානයෙන් කටයුතු කළේ නම්, ඒවා වළක්වා ගැනීමේ හැකියාව පවතින බවටත් සේවකයෝ පෙන්වාදෙති.
රජයේ විගණන නිලධාරීන්, මෙම තනතුරුවලට බඳවාගැනීමේ ක්‍රියාවලියේදී, මුල සිට නිසියාකාරයෙන් කටයුතු කළේ නම් මෙවන් අක්‍රමිකතා වළක්වාගත හැකිව තිබූ බව සේවකයෝ ප්‍රකාශ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart