Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ප්‍රවාහන සේවාවලදී ළමුන්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තාවන පැමිණිලි සැළකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි අද දින දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මෙම මෙහෙයුම මගින් මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පෙරවරු 8 සිට පෙරවරු 10 දක්වා සහ පස්වරු 5 සිට පස්වරු 7 දක්වා කාලයේදී සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇත.
මෙහිදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම බැගින් බස් රථ වල ගමන් කරවීමට කටයුතු කරනු ලබන අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදි, බස්නැවතුම්පොළ, දුම්රිය ස්ථාන ආදි ස්ථාන වෙතද විශේෂ අවධානයක් යොමුකරනු ලබයි.
මෙම මෙහෙයුම් සිදුකරන කාලසීමාව තුළ නිල ඇදුමින් පොලිස් නිළධාරීන් කණ්ඩායම් (විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි) සිවිල් ඇදුමින් ගමන් ගන්නා නිලධාරීන්ට සහායක් අවශ්‍ය වූ විට, නොපමාව එම සහාය ලබාදීමට හැකි වන පරිදි සූදානම් කර තැබීමටද කටයුතු කර ඇති බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart