Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහරගම අපේක්ෂා රෝහලේ ඊයේ (06) උදෑසන දෛනික රාජකාරි කටයුතු ආරම්භවීමෙන් පසු රෝහල් කාර්යාල පරිපාලන නිලධාරීවරයා සමඟ රාජකාරී ගැටලුවක් මුල්කර ගනිමින් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සෞඛ්‍ය කාර්ය සහායකවරයකු පරිපාලන නිලධාරීවරයාට මන්නයකින් පහර දී අතකට බරපතළ ලෙස තුවාල සිදුකර පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
සෞඛ්‍ය කාර්ය සහායකවරයා පරිපාලන නිලධාරීවරයාට තියුණු ආයුධයෙන් පහරදෙන අවස්ථාවේදී එහි සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් එය වළක්වා ඇති බවත්, එසේ නොවන්නට මෙම ගැටුම ජීවිත හානියකින් කෙළවර වන්නට තිබූ බවත්, සිද්ධිය ඇසින් දුටු කිහිපදෙනෙක් පවසති.
මෙම පහරදීමේදී ඉන් බේරීමට උත්සාහ කළ පරිපාලන නිලධාරීවරයා එක් අතක් උඩට එස වූ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය සහායකයා එල්ල කළ මන්නා පහර පරිපාලන නිලධාරීවරයාගේ වම් අතට වැදී බරපතළ කැපුම් තුවාලයක් සිදු වී ඇති බවත්, එම අවස්ථාවේදී සැණෙකින් පහරදුන් බව කියන සැකකරු පලාගොස් ඇති බවත්, පරීක්ෂණ කටයුතු සිදුකරන මහරගම පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පවසයි.
බරපතළ තුවාල ලබා රුධිරය වහනයවෙමින් සිටි පරිපාලන නිලධාරීවරයා එම අවස්ථාවේදීම රෝහල් කාර්ය මණ්ඩලය හා වෛද්‍යවරුන් විසින් අපේක්ෂා රෝහලේ ශල්‍යාගාරයක් වෙත රැගෙනවිත් ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, කැපුම් තුවාලය බරපතළ බැවින් ශල්‍යකර්මයකට භාජන කිරීම සඳහා කටයුතු කළ බවත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා පරිපාලන නිලධාරීවරයාට පහරදීමට යොදාගෙන ඇත්තේ රෝහලේ මුළුතැන්ගෙයි තිබූ තරමක් විශාලත්වයෙන් යුත් මාළු සහ මස් කැපීමට යොදාගන්නා මන්නයක් බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු ඊයේ උදෑසන තම සේවා අවසන් වී සේවක විවේකාගාරයේ විවේකීව රැඳී සිට ඇති බවත්, එකවරම එම ස්ථානයෙන් රෝහලේ මුළුතැන්ගෙයටද ගොස් කාර්යාලය වෙත පැමිණ මෙම සිද්ධියට යොමුවී ඇති බවත්, සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් බවත්, පොලිසිය පවසයි.
තියුණු ආයුධයෙන් පහරදී පළාගිය සෞඛ්‍ය කාර්ය සහායකවරයා පරණ පාර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන ඇති බවත්, ඔහු මේ වන විට ප්‍රදේශය හැර ගොස් සැඟව සිටින බැවින් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් මහරගම පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කරයි.
අපේක්ෂා රෝහල තුළදී ශල්‍යකර්මයක් සිදු කළ පරිපාලන නිලධාරිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමුකිරීමට කටයුතු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කර තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart