Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කැඩීමේ නිරත තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා (NVQ -3 මට්ටමේ) සහතික ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබාදීමේදී අදාළ වෘත්තීන්හි නිරත අය සඳහා සති දෙකක විධිමත් පුහුණුවක් ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබාදීමට නියමිතය.
මේ යටතේ, ගස් නැඟීම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ටන හා ගසෙන් ඇද වැටීම මඟින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණුවක් ලබා දෙනු ලබයි.
මෙම කටයුතුවල නිරතවන පුද්ගලයන්ට ස්වයං රැකියාවක් හෝ ව්‍යවසායකත්ව හැකියා වර්ධනය සඳහා සහන පොළියක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය ආධාරයක් ලබාදීමට ද මේ වනවිට සැලසුම් කර ඇත.
තල්, කිතුල් සහ පොල් ගස් මැදීම හා ගෙඩි කැඩීම වැනි කටයුතුවල නිරත පුද්ගලයන්ට රක්ෂණාවරණයක් ලබාදීමේ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
මේ සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අදාළ වැඩපිළිවෙළ සකස් කිරීමට යෝජිතය.
තල්, කිතුල් සහ පොල් ආශ්රිත කටයුතු කරන පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් පෙරේදා (05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම සාකච්ඡාවේදී තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට ඇමැතිවරයා උපදෙස් ලබාදුන්නේ තල්, කිතුල් සහ පොල් ගස් මැදීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.
එහිදී අදහස් පළ කළ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ ඇමැතිවරයා හමුවේ අවධාරණය කළේ, එම පුද්ගලයන්ගේ ජීවිතාරක්ෂාව හා සුභසාධනය උදෙසා මෙම NVQ-3 මට්ටමේ සහතිකපතක් හා සති දෙකක පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
මෙහි දී ඇමැතිවරයා අවධාරණය කළේ මෙම කටයුතුවල නිරත වන බොහෝ පුද්ගලයන් හදිසි අනතුරුවලට ලක්ව ජීවිතය අහිමි වූ අවස්ථාවන්හිදී සහ පූර්ණ ආබාධිත තත්ත්වයන්ට ලක් වූ විට එම පවුල්වල සාමාන්‍ය ජීවිත තත්ත්වයන් මුළුමනින්ම බිඳ වැටෙන බැවින් එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart