February 6, 2024

විවාහකයකු සමඟ ඇති අනියම් සම්බන්ධය හෙළිදරව් වීමත් සමඟ ජපාන රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව සිය කිරුළ අතහැර දමා ඇත.

යුක්රේනයේ උපත ලද, 26 හැවිරිදි කැරොලිනා ෂිනෝ මීට සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳුවද, ඇයගේ ජයග්‍රහණය මහජන විවාදයට තුඩු දී තිබේ.

ඇතැමුන් ඇයගේ කිරුළ පිළිගනු ලැබූ අතර, තවත් සමහරු පවසා ඇත්තේ, ඇය සාම්ප්‍රදායික ජපන් රූපලාවන්‍ය පරමාදර්ශ නියෝජනය නොකරන බවයි.

ඇය විවාහක වෛද්‍යවරයකු සමඟ සම්බන්ධතාවයක නියැළී සිටි බව පසුව වාර්තා විය.

පසුගිය සතියේ වාර්තාවට අනුව, තරඟ සංවිධායකයන් ඇයව ආරක්ෂා කර ඇත්තේ, එම පුද්ගලයා විවාහක බව ඇය නොදැන සිටි බව පවසමිනි.

කෙසේවෙතත්, සඳුදා සංවිධායකයන් පවසා ඇත්තේ, ඇය එම පුද්ගලයාගේ විවාහය සහ පවුල පිළිබඳව දැන සිටි බවට පාපොච්චාරණය කළ බවයි.

නොමඟ යැවීම සම්බන්ධයෙන් ඇය සමාව අයැද ඇති අතර, සංවිධායකයන් ඇයගේ තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජපාන රූ රැජින සංගමය පවසයි.

ඇය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ රසිකයන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමාව අයැද ඇති අතර, එහිදී ඇය කියා සිටියේ වාර්තාවට ප්‍රතිචාර වශයෙන් බියෙන් හා භීතියෙන් ක්‍රියාකළ බවයි.

අනුශූරියන් කිහිපදෙනකු සිටියද, ජපන් රූ රැජින කිරුළ වසරේ ඉතිරි කාලය සඳහා හිස්ව පවතිනු ඇත.

ඇය චතුර ලෙස ජපන් භාෂාව කතා කරන සහ ලියන අතර 2022 දී පුරවැසිභාවය ලබා ගෙන ඇත.

ඇයගේ මව ජපන් ජාතිකයෙක් වන අතර පියා යුක්රේන ජාතිකයෙකි.