Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළේය.
එබැවින් යම් කාලයක් යනතුරු මෝටර් රථ ආදිය ආනයනය කිරීමට නොහැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව කැබිනට් ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති ගුණවර්ධන කියාසිටියේය.
දැනට පනවා ඇති විදේශ විනිමය නියෝගවල සංශෝධන සහ විදේශ විනිමය සීමාකිරීම් පියවරෙන් පියවර ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
“මම හිතන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යාංශය අවසර ගත්තා, මොන රෙගුලාසි ලිහිල් කරනවාද කියලා. මම කළින් සඳහන් කළ පරිදි, වත්මන් විදේශ විනිමය අර්බුදය යටතේ, ආනයන පාලන නීති ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂ්ම ලෙස අදියරෙන් අදියර ලිහිල් කරමින් පවතිනවා” ඔහු පැවැසීය.
පියවරෙන් පියවර සීමාලිහිල් කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අදාළ ආයතන පාර්ලිමේන්තුවට දන්වා ඇති බවත්, ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart