February 6, 2024

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, අඛණ්ඩව කණ්ඩායම සමග රැඳී සිටින ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය(BCB) ඉදිරිපත් කර ඇති නව යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ අනුව, ජාතික කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශක තනතුර පුරප්පාඩු වී තිබේ.

ඒ අනුව 2024 දී බංග්ලාදේශ ජාතික කණ්ඩායමට ගැටලුකාරී තත්වයකට මුහුණදීමට සිදුව ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) Future Tours Program (FTP) කාලසටහනට අනුව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් සහ T20I තරඟ තුනක් සඳහා සැලසුම් කර ඇති ඉදිරි ශ්‍රී ලංකා තරඟාවලිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් රසිකයෝ මහත් උනන්දුවෙන් බලාසිටිති.

කෙසේවෙතත්, ප්‍රධාන පුහුණුකරු තනතුරු සහ දඟපන්දු යැවීමේ පුහුණුකරු තනතුරු දැන් හිස්ව පැවැතීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ ආසන්න අනාගතය අපැහැදිලි තත්වයක පවතී.