February 6, 2024

ශ්‍රී ලංකාව සිය විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කිරීමට හැකි වූ පසු ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 5 ක පමණ විදේශ අරමුදල් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව රටේ විදේශ ඇමැතිවරයා සඳුදා (පෙබ 5) පැවැසීය.

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ඇති වූ දරුණුතම මූල්‍ය අර්බුදය අවුලුවාලූ විදේශ විනිමය සංචිතවල උග්‍ර හිඟයකින් පසුව 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම් පැහැර හැරියේය.

ශ්‍රී ලංකාව එතැන් සිට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇමරිකානු ඩොලර් බිලියන 11 ක පමණ ප්‍රගතියක් ලබා ඇති අතර, ලබන මැයි මාසය වන විට බැඳුම්කර හිමියන් ඇතුළු සියලුම ප්‍රධාන ණය හිමියන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ ඇමැති අලි සබ්රි රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.

අධිවේගී මාර්ගයක්, කටුනායක ප්‍රධාන ගුවන් තොටුපළ පුළුල් කිරීමක් සහ ජපානය සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ඇතුළුව අර්බුදය අතරතුර අත්හිටුවන ලද ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනු ඇති බව ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

“අපි ඉදිරි මාස 12 සිට 24 දක්වා කාලය තුළ ව්‍යාපෘති ආරම්භයෙන් සහ සමහර රජයට අයත් ව්‍යවසායන් විකිණීමෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක් පමණ වටිනා විදේශ මුදල් රට තුළට එනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි ඇමැති සබ්රි සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%