Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හලාවත නගරයේ ලීසිං ආයතනයකට එහි පිටුපස දොර සහ බිත්තියක් කඩා ඇතුළු වී සේප්පු දෙකක් කපා රුපියල් ලක්ෂ 71කට ආසන්න මුදලක් සොරාගත් සැකකරු සහ ඔහු සමීපව ඇසුරුකරන කාන්තාවන් දෙදෙනකු ද සමඟ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සේප්පු කැපීමට යොදාගත් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගැනීමට පෙරේදා (04) සමත්ව ඇත.
කැසිනෝ සූදුවට තදින්ම ඇබ්බැහි වී සිටින දෙණියාය, තැනිපිට, වංගුව කඩේ පදිංචිකරුවකු වන සහන් සංජීව නමැති 28 හැවිරිදි තරුණයකු මෙම සොරකම සිදුකර ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි කැසිනෝ ශාලාවක් ආසන්නයේදී රැක සිට බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම සැකකරු වයස අවුරුදු 13දී මුල්ම සොරකම සිදුකර ඇති බවත් එකල ඔහු පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු බවත් විමර්ශනවලින් හෙළිවී ඇත. දෙණියායේ පිහිටි වෙළෙඳසලක් බිඳ කළ එම සොරකම සම්බන්ධයෙන් පරිවාස භාරයේ රඳවා සිටි ඔහු පසුව පරිවාසයේදී දැන හඳුනාගත් කිහිපදෙනකු සමඟ එක්ව පරිවාසයෙන් නිදහස් වූ පසුව ද සොරකම් සිදුකර ඇති බවත් අනාරවණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවමත් අධිකරණවල නඩු පවතින බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාට එරෙහිව විවෘත වරෙන්තු 14ක් ඇති බවත් තලංගම, දෙණියාය, කිරිබත්ගොඩ, කොල්ලුපිටිය, දෙහිවල කොට්ටාව යන පොලිස් බල ප්‍රදේශවල සොරකම් 16කට හසුවී ඇති බවත් පොලිසිය කියයි.
හලාවත නගරයේ පිහිටි ලීසිං ආයතනය ඔහු බිඳ ඇත්තේ පසුගිය 30 වැනිදා රාත්‍රී කාලයේදීය. දින දෙකක් ඔහු මගී බස් රථයක නැඟී හලාවතට පැමිණ එහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කර බලා මෙම සොරකම සිදුකර ඇති බව ද විමර්ශනයේදී හෙළි වී ඇත. මෙහි සවස 6.00න් පසු ආරක්ෂක නිලධාරින් නැති බව පෙනී ගිය බැවින් මෙම ස්ථානයට ඇතුළු වීමට තීරණය කළ බව ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත.
කොළඹ සිට එදා රාත්‍රී 10.00ට පමණ හලාවතට පැමිණි මෙම සැකකරු 10.30ට පමණ ලීසිං ආයතනයේ පිටුපස කොටසට ගොස් දොර කඩා ඇති බව පොලිසිය කියයි. මෙම ආයතනය දෙමහල් කාර්යාල සංකීර්ණයකි. දොර කඩා ඇතුළු වූ ඔහු කාර්යාල සංකීර්ණය පිහිටි කොටසට ඇතුළු වී ඇත්තේ බෝඩ්වලින් සකස් කර ඇති බිත්තියක් ද සිදුරු කරගෙනය. ඒ පැමිණි ඔහු කාර්යාල සංකීර්ණයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය කඩා දමා කාර්යාල සංකීර්ණය පරීක්ෂා කර ඇත. එහිදී ඔහු මුලින්ම කඩා ඇත්තේ එහි පහල මහලේ තිබුණු ලොකුම සේප්පුව බව පොලිසිය කියයි. එම සේප්පුවේ තිබී ඇත්තේ ලියකියවිලි පමණක් වූ බැවින් ඔහු ඉහළ මහලට ගොස් එහි තිබුණු කුඩා සේප්පුවක් කඩා ඇත. එම සේප්පුවේ තිබුණු රුපියල් 7,090,939ක මුදලක් සොරා ගන්නා ඔහු 31 වැනිදා පාන්දර 3.40ට පමණ පිටතට පැමිණ බස් රථයක නැඟී කොළඹ බලා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා කරේ බෑග් දෙකක් රැගෙන පැමිණ ඇති අතර එක් බෑගයක තිබී ඇත්තේ සේප්පු කැපීමට ඔහු යොදාගත් හිල්ටියකි. කොන්ක්‍රීට් කැඩීමට යොදාගන්නා එම හිල්ටියට කොන්ක්‍රීට් හා බිත්ති සිදුරු කරන අතක ප්‍රමාණයට වඩා ලොකු කටුවක් යොදා සේප්පුව සිදුරු කර ඒ තුළ ඇති මුදල් සොරාගෙන තිබෙන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත. මෙයට පෙර ඔහු තවත් සොරකම් රැසක් සිදුකර ඇති අතර එහිදී සේප්පු කැපීමට යොදාගෙන ඇත්තේ ග්රයින්ඩරයකි. තල දමා කැපීමේදී බොහෝ වේලාවක් ගතවන බැවින් ඔහු මෙම උපකරණය මේ සඳහා යොදාගෙන ඇති බව පොලිසිය කියයි. මෙම උපකරණයෙන් සේප්පුවක් කැපීමට ඔහුට පැය එකහමාරකටත් අඩු කාලයක් ගතවන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙම උපකරණය ඔහු විසින් මිල දී ගෙන ඇත්තේ පිටකොටුවෙන් බව ද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. කොන්ක්‍රීට් සිදුරු කරන උපකරණයක් ඔහු මේ සඳහා යොදාගෙන ඇත්තේ සේප්පුවේ වටේ කවරය තහඩුවෙන් සකස් කර තිබුණට මැද පුරවා ඇත්තේ කොන්ක්‍රීට් නිසා බව ද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබේ. පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම රට පුරා තැපැල් කාර්යාල හා මූල්‍ය ආයතනවල සේප්පු කපා මුදල් සොරා ගැනීම් සිදුවූ අතර ඒ කිසිවක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොවීය. මෑතකදී වෙන්නප්පුවේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේප්පුව කපා රුපියල් කෝටි 07ක රන් භාණ්ඩ සොරා ගැනීමක් ද සිදුව තිබිණි. ඒ සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් ඒ හැම සේප්පුවක්ම කපා ඇත්තේ මෙම සැකකරුගේ ක්‍රමයට බව පෙනී ගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
කුරුණෑගල පිහිටි රන් භාණ්ඩ අලෙවිසලක සේප්පුවක් ද මෑතකදී බිඳ රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක රන් භාණ්ඩ සොරාගෙන තිබිණි. එම සොරකම ද සිදු කර ඇත්තේ මෙම සැකකරු බව ප්‍රශ්න කිරීමේදී සැකකරු පිළිගෙන තිබේ. ඒ හැරුණුකොට මෙම පුද්ගලයා අනුරාධපුර, කුරුණෑගල, ජා-ඇළ, යක්කල, කඳාන කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක දුරකතන සමාගම්වල නියෝජිතායතන, සුපිරි වෙළෙඳසල් සහ තොග වෙළෙඳ ස්ථානවල ඇති සේප්පු කපා මුදල් සොරාගෙන ඇති බවට තොරතුරු ද අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාගේ මව කුඩා කාලයේ මියගොස් ඇති බවත් සහෝදරියක පමණක් සිටින බවත් පොලිසිය කියයි. මේ පුද්ගලයා දිගින් දිගටම සොරකම්වල නිරතව සිටින බැවින් පියා විසින් නිවෙසින් පන්නා ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ අනුව කොළඹට පැමිණි මෙම පුද්ගලයා කුලී වැඩ කර ඇති බවත් මේසන් වැඩ සඳහා අත්උදව්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් පොලිසිය කියයි. ඉදිකිරීම් ක්ෂේත්රයේදී භාවිත කරන ග්‍රයින්ඩර්, හිලිටි වැනි උපකරණ භාවිත කිරීම සම්බන්ධයෙන් පුහුණුව ඔහුට ලැබී ඇත්තේ එහිදීය. සේප්පු කැපීමට ඔහු උපකරණ තෝරාගෙන ඇත්තේ මෙම දැනුමෙන් බව ද විමර්ශනවලදී නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
හලාවතින් සොරාගත් මුදල්වලින් කොටසක් ඔහු ඊට පසුදිනම කැසිනෝ ගසා පරාජය වී ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ. තවමත් අවිවාහකව ජීවත්වන ඔහු සොරකමකට බන්ධනාගාරගතව සිටියදී දැනහඳුනාගත් පුද්ගලයකුගේ මිණිබිරියක සමඟ ඉතා සමීපව ඇසුරු කර ඇති බවත් කඩුවෙල කොතලාවල පදිංචි එම කාන්තාවට රුපියල් ලක්ෂ 02ක මුදලක් ද පස්ගොඩ මැඩලවිලහේන ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකට හලාවතින් සොරාගත් මුදලින් කොටසක් ද දී ඇති බව හෙළි වී තිබේ. අවුරුදු 46ක් සහ අවුරුදු 33ක් වයසැති එම කාන්තාවන් දෙදෙනාව ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා කොළඹ ටෙක්නිකල් හන්දිය ආසන්න ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නවාතැන්ගෙන මෙම සොරකම්වල නිරතව සිටින බව පොලිසිය කියයි. මගී බස් රථවල නැඟී කොළඹින් පිට ප්‍රදේශවල සැරිසරණ ඔහු එහිදී තොරාගන්නා මූල්‍ය ආයතන හෝ වෙළෙඳසල්වලට ඇතුළු වී මුදල් හෝ රන් භාණ්ඩ සොරා ගන්නා බව පෙනී ගොස් ඇත.
සොරකම්වල නිරත වන විට ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. එසේ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන්නේ බිය නැති කර ගැනීමට බව ඔහු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත. සේප්පු කපා සොරා ගන්නා මුදල් මෙන්ම සොරා ගන්නා රන් භාණ්ඩ විකුණා ලබාගන්නා මුදල් කැෂිනෝ සඳහා වියදම් කරන බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකතන දත්ත විශ්ලේෂණය තුළින් මෙම සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. සැකකරුව රඳවාගෙන ඔහු විසින් කර ඇති සෙසු සොරකම් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම පොලිසියේ අපේක්ෂාවයි.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart