Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට කරන චෝදනා වංචාවක් සහ සමූල ඝාතනයක් ලෙස සැළකිව යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.
ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ ඇමැතිවරයා කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මෙරටට ගෙන්වා මෙරට අහිංසක ජනතාවට ලබාදී ඇති බවයි.
“අපි දන්නේ නැහැ කීදෙනෙක්ගේ ජීවිත නැතිවෙලාද කියලා. ඒ නිසා අපි මේ ප්රශ්නය ගැන කටයුතු කළ යුත්තේ දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ සමූල ඝාතනයකට සමානවයි. හිට්ලරුත් විෂ එන්නත් දීලා මිනිස්සු මරන්න කටයුතු කළා” යැයි රත්නායක පැවසීය.
කෙහෙළිය රඹුක්වැල්ලට ලබාදෙන දඬුවම ශ්‍රී ලාංකීය දේශපාලඥයකුට ඉතිහාසයේ ලබාදුන් හොඳම දඬුවම ලෙස සැළකිව හැකි බවද ඔහු කියා සිටියේය.
“ඉදිරියේදී මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. මගේ අදහස නම් මේ එන්නත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතුයි රෝග ලක්ෂණ පරීක්ෂා කරන්න.” ඔහු සඳහන් කළේය.
“සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ට වංචා දූෂණවල නියැලීමට ලැජ්ජාවක් නැහැ. ඔවුන්ගේ සියලු ලෙඩරෝග මතුවෙන්නේ සිරගෙට යැවූවහමයි,” රත්නායක පැවසීය.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වත්මන් ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙස රජයට බලකරමින් මහජන පෙත්සමක් ද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද අත්සන් කෙරිණි.
චූදිත ඇමැතිවරයා කැබිනට් ඇමැති ධුරයෙන් සහ සදාචාරාත්මක නීතිරීතිවලට අනුව සියලු ඇමැති වරප්‍රසාදවලින් ඉවත් කරන ලෙස මෙම මහජන පෙත්සමෙන් ඉල්ලා සිටියි.
මෙම පෙත්සම් ව්‍යාපාරය දියත් කරන ලද්දේ සිවිල් සංවිධාන කිහිපයක් විසිනි.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් මීට පෙර එල්ල වූ චෝදනාවලදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුම මන්ත්‍රීවරුන් ඔහුට උදව් කිරීම ගැන ලැජ්ජා විය යුතු බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart