February 4, 2024

කොහු ඇඹරුම් යන්ත්‍රයක පැටළී උරහිසින් අඟල් හතරක් පමණ පහළින් සම්පූර්ණයෙන්ම වෙන් වූ අතක් නැවත සවිකිරීමට මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

මෙම සැත්කම සිදුකර ඇත්තේ මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක ඇතුළු කණ්ඩායමක් විසිනි.

සැත්කම සඳහා ඔවුන්ට පැය හයකට ආසන්න කාලයක් ගත වී තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක් මෙලෙස සැත්කමට භාජනය කර තිබිණි.

එම කාන්තාව කොහු ඇඹරුම් යන්ත්‍රය පිරිසිදු කරමින් සිටියදී හදිසියේ එය ක්‍රියාත්මක වීමෙන් දකුණු අත ඊට හසු වී මෙම අනතුරට මුහුණ දී ඇත.

42.31%
17.27%
32.76%