Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලබන තීරණය පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ, වැඩබලන පොලිස්පතිවරයාගේ ධූර කාලය මේ මස අගදී අවසන් වීමට නියමිතව තිබුණද, ඔහුගේ නිල කාලය දීර්ඝ කරන්නේද යන්න පිළිබව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
“ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැන්විය යුතුයි,”යනුවෙන් ඔහු පැවසීය.
මේ අතර,දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති වික්‍රමසිංහ වැඩබලන පොලිස්පතිවරයාගේ ධූර කාලය පිළිබඳව මෙම මස අගදී තීරණය ගනු ඇති බවයි.
දේශබන්දු තෙන්නකෝන් 2023 නොවැම්බර් මාසයේදී වැඩබලන පොලිස්පති ලෙස පත්කෙරුණේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපති වික්‍රමසිංහ විසින් සේවා දිගු හතරක් ලබාදීමෙන් පසුවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම 2023 දෙසැම්බර් මාසයේදී අනුමත කළද, 2022 මැයි 09 වැනි දින ගාලුමුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්‍රහාරය සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය තොරතුරු තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට විවිධ පාර්ශ්වයන් පෙන්වාදීමත් සමඟ ඔහුගේ පත්වීම දැඩි විවේචනයට ලක්විය.
ඒ අනුව තෙන්නකෝන් පොලිස්පති ධූරය භාරගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර තිබිණි.
පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ මෙම පෙත්සම් පෙබරවාරි 27 වැනිදා සළකා බලන බවයි.
මේ අතර, බ්‍රහස්පතින්දා (1) දින ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, පොලිස්පති ඇතුළු ඉහළ නිලතල සඳහා නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව ඇතැම් පත්වීම් සිදුකිරීමට විධායක ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා බැඳී සිටින බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත යුතුකම බවද එමගින් ප්‍රකාශ කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතැම් තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට සහායවීමට බලය ලැබී ඇති බවත්, එම සභාව විධායකයේ කොටසක් බවත් සඳහන් කරමින් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් විය: “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය කාර්යයන් ඉටුකිරීමට බැඳී සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත්කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට ලබා දී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.”
එසේම “කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 සී ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. ඒ නිසා පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණයි. ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමුකරනු ඇත.” යනුවෙන් ද එහි දක්වා තිබිණි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart