Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වර්ෂය සඳහා ප්‍රසාද දීමනාව වෙනුවට පාරිතෝෂික දීමනාව ඉල්ලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ වාණිජ ප්‍රගතිශීලී පොදුජන පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් තිදෙනෙකුගේ අත්සනින් ඇමැති කංචන විජේසේකර වෙත ලිපියක් යොමුකර තිබේ.
වාර්ෂිකව පාරිතෝෂික දීමනා ලබා දීමක් කිසිම ආයතනයක සිදු නොවන අතර මෙමඟින් පිළිබිඹු වන්නේ වර්තමාන බලශක්ති ඇමැතිවරයා අත්තනෝමතික ප්‍රතිව්‍යුහුවගතකරණය නාමයෙන් සිදුකරන පෞද්ගලිකකරණ ක්‍රියාවලිය තුළ පාරිතෝෂික දීමනාවක් ලබා ගනිමින් සේවකයන්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති කිරීමට යන වෑයමක් ද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.
ඔවුන් ප්‍රකාශ කර සිටියේ වර්තමාන බලශක්ති ඇමැතිවරයාගේ පෞද්ගලිකකරණය තුළින් ලාභ ලබන තත්ත්වයට පත්කර ඇති තෙල් සංස්ථාව විදේශීය සමාගම්වල නම් උපයෝගී කරගනිමින් ඇමතිවරයාගේ ගජ මිතුරන්ට සහ ළඟම යෙහෙළියන්ගේ සමාගම්වලට බලශක්ති ක්‍රියාදාමය ඔවුන් සතු කර ගැනීමකට මාර්ගය සකස් කර ඇති බවයි.
එසේම මෙම පෞද්ගලිකකරණය තුළින් රටේ ජනතාවට කිසිදු ලාභ ප්‍රයෝජනයක් හෝ ඵලදායීතාවක් ඇති වී නොමැති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.
ඉකුත් දින තෙල් මිල වැඩි කිරීම තුළින් පෞද්ගලික අංශයේ කිසිම සමාගමක් මේ වනතුරුත් ජනතාවට වාසි සහගත වන අයුරින් තෙල් මිල අඩු කිරීමක් සිදුකර නොමැති බව ද ඔවුන් පෙන්වා දී ඇත.
පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් බොරු සටන් පාඨ දක්වමින් සයිනොපෙක් ගිවිසුමට එරෙහිව උපවාසයක් ආරම්භ කළ ද ඛනිජ තෙල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ කිසිදු නීත්‍යනුකූල බලපෑමක් සිදු කිරීමට කටයුතු නොකළ බව එම කණ්ඩායම්වල අදහසයි.
පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අදාළ සමාගම් සඳහා ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ හෝ රජයට බලපෑමක් නොකර සයිනොපෙක් සමාගම සමග ගිවිසුම්වලට එළඹෙන අවස්ථාවේ බොරු උපවාසයක් සිදුකර රංගනයක යෙදෙමින් තම අභිමතයන්ට අනුකුලව අනිවාර්ය නිවාඩු ලබා ගනිමින් පොදුජන පෙරමුණු සම්මේලනය අවස්ථාවේ නැවත රැකියා ලබා ගැනීමට ඔවුන් කටයුතු කළ බව ද මෙම පිරිස පෙන්වා දෙති.
ඔවුන් ප්‍රසාද දීමනාව ලබාගන්නවා වෙනුවට පාරිතෝෂික දීමනාව ලබා ගැනීමට ඇමැතිවරයාට ලිපියක් යොමු කළේ ඔවුන්ගේ තිරය පසුපස සැබෑ භූමිකාව පසක් කිරීමට බව ඇතැම් පිරිපහදු සේවකයෝ පවසති.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මීළඟ කැබිනට් රැස්වීමට පිරිපහදුව වෙනම සමාගමක් ලෙස වෙන් කිරීමට ආයතනයේ සභාපති /කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ වන විටත් කෙටුම්පත් සකස් කර අවසන් බවත් මීළඟ කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාගත් පසු 51% – 49% සමාගමක් ආරම්භ කිරීමට සියලු කටයුතු සිදුකර අවසන් බවයි.
එසේම පොදුජන පෙරමුණේ වෘත්තීය සමීති නායකයන් සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වෘත්තී සමිති නායකයන් වායු සමනය කරන ලද කාමරවල රිසිසේ රැඳෙමින් ,නවීනපන්නේ මෝටර් රථ භාවිත කරමින්,මාසික අතිකාල පැය 150කට නොඅඩු දීමනා ලබා ගනිමින් තෙල් සංස්ථාවේ මළගමට මළ බෙරය වාදනය කළ බවට ද සේවකයෝ චෝදනා කරති.
මේ වන විට 2023 වර්ෂය සඳහා ප්‍රසාද දීමනාව වෙනුවට පාරිතෝෂික දීමනාව ඉල්ලා සිටිමින් ඔවුන් පෙන්නුම් කරන්නේ කංචන විජේසේකර ඇමැතිවරයාට සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පාරිතෝෂික දීමනාව ලබා දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම ද යන්න ඔවුහු ප්‍රශ්න කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart