Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිදහස සැමරීම වැරදි බව පවසන්නේ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය.
අනුරාධපුර යොවුන් නිකේතනයේ දී ඊයේ (03) පැවැති “මගෙන් පටන්ගමු” ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරමින් එහි තරුණ සමුළුවට එක්වෙමින් ඇමැති මනූෂ නානායක්කාර මේ බව පැවැසීය.
“මගෙන් පටන්ගමු” වැඩසටහන ආරම්භ කිරීමට පෙර ඇමැතිවරයා ඩී.එස්. සේනානායක පිළිරුවට මල් මාලාවක් පළදවනු ලැබීය.
රටට ඩොලර් ගේන කාශ්‍යප වැනි රජෙක් අපට අද සිටින බව සිහිපත් කළ ඇමැතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාශ්‍යප රජු මෙන් රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් බව පෙන්වා දුන්නේය.
“අද පිරිසක් පිටරට ඉඳන් ෆේස්බුක් එකෙන් වීරයෝ වෙනවා. ඒ අය වෙනත් අයගෙන් සල්ලි අරගෙන බෙදලා දෙනවා නැත්තම්. ඒ වගේම තර්ජනය කරලා මත හදන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය දෙවල් කරගන්න බැරි වෙනකෙට ව්‍යාධි තත්ත්වයක් ඇතිවෙනවා. මේ ව්‍යාධි තත්ත්වයන් තියෙන සියලුදෙනාම ෆේස්බුක් එකට ආවා. ඉතින් දැන් අපිට පේන්නේ මුළු රටේම ඉන්නේ පිස්සෝ කියලයි. අද වෙනකොට සමාජ මාධ්‍ය මගින් පිස්සො ටිකක් වීරයෝ කරලා තියෙනවා. අපිව හැමදාම දුප්පත් මානසිකත්වයෙන් තියන්න තමයි උත්සහ කරන්නේ. අපි එතනින් එහාට යන්න ඕනේ. අපිට අතේ සල්ලි නැති වුණත් අපි දුප්පත් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. ඒක මගෙන් පටන් ගන්න ඕනේ. මනස පෝසත් වෙනකොට ජීවන තත්ත්වය වර්ධනය කරගන්න පහසුවෙනවා.” යැයි ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.
“අපිට එක් ජල ඒකකයකින් සෑහෙන්න වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපි ටවුමට ගියාම වතුර බෝතලයක් ගන්න විශාල මුදලක් වැයකරනවා. හැබැයි ඒ ගැන කිසිම ආකාරයකින් සළකන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී වතුර බිල පොඩ්ඩක් වැඩිවුණාම අපි ආණ්ඩුවට කෑගහනවා. මේවා සිදුවෙන්නේ අපේ මානසිකත්වය නිසයි.” යනුවෙන් ද ඇමැති මනූෂ නානායක්කාර සඳහන් කළේය.
“හැම ශිෂ්ඨාචාරයක්ම පටන් ගත්තේ තැනිතලාවලයි. ඒත් අපේ ශිෂ්ඨාචාරය පටන් ගත්තේ කඳුවල. අවසානයේ අනුරාධපුරයේ මහා විශාල නගරයක් හදනවා. සුවිශේෂී වාරි කාර්මානත්යක් හැදුවා. ඒ තරම් ශක්තිමත් මිනිසුන් අපිට හිටියා. සීගිරියේ රන්මසු උයන තියෙනවා. එතන රන්වලින් ගනුදෙනු කරපු තැනක්. පසුව ඒක රත්තරන් මසුන් හිටියා කියලා ඉතිහාසය වෙනස් කළා. කැටපත් පවුර කුරුටු ගීත ලියලා විනාශ කළේ කාශ්‍යපව විනාස කරන්නයි. අපිට ඉගැන්නුවේ කාශ්‍යප තාත්තාව මරුවා කියලයි. ඒත් කාශ්‍යප සීගිරිය නිර්මාණය කරන්න වාරි තාක්ෂණය භාවිත කළේ නැද්ද? එහෙනම් කාශ්‍යප තාත්තා ජලය පෙන්වුවාම කෝපවුණා කියලා හිතන්න පුළුනන්ද? රටට විදේශ විනිමය ගෙනාපු, අදටත් විදේශ විනිමය එන සීගිරිය නිර්මාණය කළ කාශ්‍යපව ඉතිසාහය විසින් පිතෘ ඝාතකයෙක් කළා. අදටත් රට වෙනුවෙන් දෙයක් කරන අයට මඩ ගහනවා. නිශ්ශංකමල්ල වැඩක් කරන්නේ නැතිව සෙල්ලිපි විතරයි ලිව්වේ. එහෙම ලියන්නේ කයියනායකයන් විතරයි. අදටත් එහෙම අය ඉන්නවා. අපි වැටෙන්න පටන්ගත්තට පස්සේ අවසානයේදී දළදාව හංගලා එළියට ආවේ රෙද්ද අස්සේ මහත්වරු විදිහටයි. ඉතින් රෙද්ද අස්සේ මහත්වරු, 88/89 කාලයේදී මිනිස්සු මරපු එක ඉල්මහ කියලා සමරන්න හොඳයි, ඒත් නිදහස සමරන එක වැරදියි කියනවා. කිසිම අවස්ථාවක බස්, ගෙවල්, පිච්චුවාම විනාශ වුණ සල්ලි ගැන කවුරුවත් කතා කළේ නැහැ. ජාතික උත්සව සමරන්න එපා කියලා කියන්නේ ජාතික හැඟීමක් නැති පිරිසයි.” යැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
“කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපිට අදත් ඉන්නවා. කාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපිවල ලියපුවා පුස්කොල පොත්වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල්කරණය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඔබ ව්‍යාපාර ටික පටන් ගන්න. එහිදී ආගමත් සංස්කෘතියත් රැකගෙන සුද්දෙක්ට ඇවිත් බියර් එකක් බොන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇති කළයුතුයි. කොටුකරපු තැනින් පිටතට ගිහින් මගෙන් පටන් ගන්න. අපිට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයන්න එදා කාශ්‍යප මානවම්ම වගේ අද රනිල් වික්‍රමසිංහ ඉන්නවා.ඒ නිසා අද ඔබ සියලුදෙනා මගෙන් පටන් ගන්න.” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart