February 3, 2024

ඇෆ්ගනිස්තානයට එරෙහිව 02 වැනි දිනය නිමා කරමින් ලකුණු 410/6 ක් ලෙසින් ලකුණු 212 ක ඉදිරියෙන් සිටීමෙන් පසුව ශ්‍රී ලංකාව තරගය දැඩි ලෙස සිය පාලනයට ගෙන ඇත.

කෙසේවෙතත් දිනය නිමාවන්නට මද වෙලාවක් තිබියදී, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 141ක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් විකාරරූපී ක්‍රමයකට දැවීගියේය.