Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තාවීසින් (Srettha Thavisin) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නිල හමුව අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිළිගනු ලැබීය.
ආචාර වෙඩි මුර 19ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් මෙම පිළිගැනීම සිදුවිය.
දෙරටේ දූත පිරිස හඳුන්වාදීමෙන් අනතුරුව නායක දෙපළ සුහද කතාබහකට එක්වූහ.
අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ථෙරවාදී බෞද්ධ සබඳතා සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා මත පදනම් වූ දෙරට අතර සමීප සහ ඓතිහාසික මිත්‍රත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සිහිපත් කළේය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1955 වසරේදී ආරම්භ වුවත්, දෙරට අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සබඳතා කල්පවත්නා ස්ථීරසාර සබඳතා බවට පරිවර්තනය කර ගැනීම තම අරමුණ බවද කියාසිටියේය.
අග්නිදිග ආසියාව සමඟ සබඳතා පුළුල් කර ගැනීමේ සහ කලාපය තුළ ශක්තිමත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමේ ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) එහි සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාන් කලාපය තුළ සිය අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බවත් ආසියාන් කලාපයේ ප්‍රධාන ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව තුළ පුළුල් ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.
ආයෝජන, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන් දෙපළ සාකච්ඡා කළ අතර අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ දී දෙරට අතර සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාවය නායකයන් දෙපළ අවධාරණය කළහ.
ඒ වෙනුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart