Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගැබිණි එළදෙනුන් ඇතුළු ගවයන් 20ක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පදවිය කොට්ඨාසයේ පශු වෛද්‍යවරයා ඇතුළු සිව්දෙනකු පදවිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම පිරිස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පශු වෛද්‍ය කේ.එච්.එම්.ප්‍රියන්ත බන්දුසිරි සහ ඔහුගේ කාර්යාලයේ සේවකයකු වන ඩී.ඩී.පාලිත යන අය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
සෙසු සැකකරුවන් වන වැලිසර රාගම ප්‍රදේශයේ පදිංචි කේ.මිල්රෝයි රුක්ෂාන් ප්‍රශාන්ත ඇන්තනී, එච්.ටියුඩර් ප්‍රනාන්දු සහ ජූඩ් බර්ඩීන් ෆෙරිඩ් මනිල් සිල්වා යන අය පෙබරවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ඇති බව වාර්තා වේ.
සැකකාර පශු වෛද්‍යවරයා විසින්, සොරකම් කරන ලදැයි කියන ගැබිණි ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා ව්‍යාජ ලේඛන නිකුත් කර ඇති බව අනාවරණය වී ඇති අතර, එම ලේඛන පිළිබඳ වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.
එසේම, සිද්ධිය සම්බන්ධයෙන් පළාගොස් සිටින පොලිස් කොස්තාපල්වරයකුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා පොලිසියට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart