February 2, 2024

මතභේදයට තුඩු දී ඇති මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා ඊට ඉදිරිපත් කෙරුණු සංශෝධනය කිරීම සලකා බලන ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා තිබේ.

“සිවිල් සමාජයේ සහ ක්ෂේත්‍රයේ කණ්ඩායම්වල ගැටළු විසඳීමට සහ එය මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා නීතිය සංශෝධනය කිරීම ගැන සළකා බලන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල නිවේදනයක සඳහන් කර තිබේ.

“නව ඔන්ලයින් ආරක්ෂණ පනත, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා දීර්ඝකාලීන සෘණාත්මක ඇඟවුම් ඇති කරනු ඇත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම පනත කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අනුමත කිරීමෙන් පසු ඊයේ දිනයේදී නීතියක් බවට පත්විය.

42.31%
17.27%
32.76%