February 2, 2024

ඉන්දීය පොලිසියේ මාස අටක අත්අඩංගුවේ පසුවූ පරවියෙකු මුදාහැර ඇත්තේ, අවසානයේ දී එම පරවියා චීන ඔත්තුකරුවකු බවට සැකකෙරෙන චෝදනාවෙන් නිදහස් වූ බැවිනි.

මුම්බායි චෙම්බුරින්හි Pir Pau Jetty හිදී මෙම පරවියා අල්ලා ගෙන තිබේ.

චීන භාෂාවට සමාන අකුරින් ලියා ඇති පණිවිඩ සහිත මුදු දෙකක් පරවියාගේ කකුළට බැඳ තිබූ බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කරයි.

පොලිසිය පරවියා රැගෙන ගොස් පසුව සතුන් සඳහාවන මුම්බායිහි බායි සකබායි ඩින්ෂෝ රෝහල වෙත යවා ඇත.

පරවියාට එරෙහිව ඔත්තු බැලීමේ නඩුවක් ලියාපදිංචි කරන ලද නමුත් පසුව පරීක්ෂණය අවසන් වූ පසු එය අත්හැර දමා තිබේ.

පරවියා නිදහස් කරන ලෙස ඉල්ලා ලාභ නොලබන සංවිධානයක්වන People for the Ethical Treatment of Animals (PETA) හි නියෝජිතයකු පොලිසිය හා සම්බන්ධව ඇත.

පරවියා රෝහලෙන් ‘සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ බොම්බේ සංගමය’ වෙත මාරු කර ඇති අතර, එහි වෛද්‍යවරුන් විසින් අඟහරුවාදා පරවියාව නිදහස් කර තිබේ.

ඉන්දීය පොලිසිය ඔත්තු බැලීමේ කුරුල්ලෙකු සැකකළ පළමු අවස්ථාව මෙය නොවේ.

ඉන්දියාව සහ පකිස්ථානය අතර දැඩි ලෙස මිලිටරිකරණය වූ දේශසීමාව හරහා 2020 දී පියාසර කළ ඔත්තු බැලූ බවට සැකකෙරෙන පරවියෙකු කාශ්මීර පොලිසිය විසින් අල්ලා ගත් අතර, පසුව නිදහස් කරන තිබේ.

2016 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට තර්ජනය කරන සටහනක් සමඟ තවත් පරවියෙකු අත්අඩංගුවට ගෙන ඇත.