February 2, 2024

වරාය සේවයට කාන්තාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය වෘත්තීය සමිති විරෝධය පළකරන බව නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අන්තර්ජාතික කම්කරු සංවිධානය ශ්‍රී ලංකා වරායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු බවට යෝජනා කර ඇත.

ඒ අනුව, කාන්තාවන් 50ක් තෝරාගෙන පුහුණු කළ බවත්, එම කාන්තාවන්ට වරායේ මාස හයක පුහුණුවන්නන් ලෙස පත්වීම් ලිපි ලබාදුන් බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයන් වරාය වෘත්තීය සමිති පවසා ඇත්තේ, වරායට නව පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට පෙර අනෙක් සියලුම සේවකයන්ගේ සේවා ස්ථීරභාවය තහවුරු කළයුතු බවයි.

මේ හේතුවෙන් අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම බරපතල අභියෝගයක් වී ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%