February 2, 2024

රජයේ නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (පෙබ.02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කරන ලදී.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කඩිනමින් කථානායකවරයා වෙත යොමුකිරීමට නියමිතය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගය මෙලෙස අවසන් කර ඇත.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 31ක් ගොනුකර තිබූ අතර ඒවා පුරා දින 06ත් තිස්සේ විභාගයට ගැනිණි.

42.31%
17.27%
32.76%