Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය අංශයේ මිලියන 1.3ක් පමණ වන ශ්‍රම බලකාය වෙනුවට, ඩිජිටල්කරණය හරහා 200,000ක් වැනි අඩු ශ්‍රම බලකායක් යටතේ රාජ්‍ය අංශය කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ හැකි බව පසුගිය බදාදා ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානය (OPA) විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඒකකයේ ප්‍රධානි සුරේෂ් ෂා (Suresh Shah) පැවැසීය.
එසේම, ඩිජිටල්කරණයකින් තොරව වුවද රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය අඩකින් කපා හැර රාජ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
එහෙත් මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ, රාජ්‍ය අංශයේ රැකියා අඩුකිරීමේ කිසිදු රැඩිකල් පියවරක් ගැනීමට ඉක්මන් නොවන බවයි.
එමගින් විශාල පිරිසකට ආදායම් අහිමි වන බවත්, ආර්ථික හා සමාජ පසුබෑමකට තුඩු දෙන බවත් ඔහු පැවැසීය.
එවැනි පියවරක් ගන්නේ නම්, පෞද්ගලික අංශය සමඟ සම්බන්ධීකරණයෙන් පියවරෙන් පියවර කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart