Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල අධිකරණයේ සිරමැදිරියේ රඳවා සිටි හෙරොයින් ජාවාරම්කරුවකු යැයි කියන පුද්ගලයකු එම සිරමැදිරියේ දොර විවෘත කරගෙන පෙරේදා (31) පළාගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ පළාගොස් ඇත්තේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි 34 වන වියේ පසුවන ‘අක්කුවා’ නමින් හැඳින්වෙන අයෙකි.
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2650ක් ළග තබාගෙන සිටියේයැයි කියමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන උසාවි රාජකාරි භාරව සිටින පොලිස් සැරයන්වරයා මෙම සැකකාර පුද්ගලයා ඇතුළු සිව්දෙනකු අධිකරණයේ විභාගවන නඩු සඳහා ඉදිරිපත් කිරීමට අත්විලංගු දමා රැගෙනවිත් සිටි බව පොලිසිය සඳහන් කරයි.
අත්විලංගු ගලවා අධිකරණයේ සිරමැදිරියට මොවුන් දමා පොලිස් සැරයන්වරයා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා අධිකරණයේම පිහිටි ස්ථානයක් වෙත ගොස් තිබේ.
රාජකාරි කටයුත්ත කඩිනමින් නිමකර සිරමැදිරියට පැමිණ බලන විට හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිය දී සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයා සිර මැදිරියේ දොර විවෘත කරගෙන පළාගොස් ඇති අයුරු දැක ඇතැයි ද පොලිසිය පවසයි.
පළාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට දඹුල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart