February 1, 2024

සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමියෝ පවසති.

කෙසේවෙතත් දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද උන්වහන්සේ පෙන්වාදෙති.

උන්වහන්සේ මේ බව සඳහන් කරන ලද්දේ, අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේදීය.

දීර්ඝ කාලයක් තිස්සේ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බවද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා නායක හිමි පැවසුවේ, කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවයි.

42.31%
17.27%
32.76%