February 1, 2024

2024 වසරේ විදුලිබල උත්පාදන සැලසුම, අයක්‍රමය, සේවාවන් වල වියදම්, විදුලිබල උත්පාදනය සදහා අවශ්‍ය වන ඉන්ධන වල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පද්ධති ඒකකය සමග සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ඇමැති කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පවත්වා ඇත.

නව විදුලිබල සබදතා වෙනුවෙන් එකවර මුදල් ගෙවීමට නොහැකි වන මහජනතාවට පහසුකම් සැලසීමේ අවශ්‍යතාව මෙහිදී ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

ඒ අනුව, නව විදුලිබල සබදතා වෙනුවෙන් ගෙවීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් වාරික වලින් ගෙවීම් පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල මන්ඩලයේ ඉහල කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම අනෙකුත් විදුලිබල මණ්ඩලයේ සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, විදුලිබල මණ්ඩලය විසින් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත් කරනු ඇත.

42.31%
17.27%
32.76%