February 1, 2024

හිටපු හමුදාපති දයා රත්නායක සජිත් ප්‍රේමදාස සමඟ සමගි ජන බලවේගයට එක් වූ පසු නැවත මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර අද (01) උදෑසන හමුවී ඇති බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් බව එම පක්ෂයේ ජේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේය.

දිලිත් ජයවීර සහ දයා රත්නායක අතර මීට පෙර සිදුව ඇති අතර, එම හමුවීමකට අදාළ ඡායා රුප කිහිපයක් පළකරමින් සමාජ මාධ්‍ය හරහා නැවත දයා රත්නායක සහ දිලිත් හමුවක් පිළිබඳව පුවත් මැවීමට පිරිසක් කටයුතු කරමින් සිටින නමුත්, එවැනි සාකච්ඡාවක් පවත්වා නොමැති බව අදාළ නිලධාරියා සඳහන් කළේය.

දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයට ලැබෙමින් පවතින ‘දැවැන්ත ජනතා ප්‍රසාදය’ අපකීර්තියට ලක්කිරීමේ අරමුණින් මෙවැනි පුවත් නිර්මාණය කරමින් සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%