Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ රජීව් අමරසූරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට පත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පත්කිරීම සිදුකර තිබේ.
ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස ද සේවය කළේය.
නීතීඥ රජීව් අමරසූරිය කොළඹ විශ්වවිද්‍යාලයේ කවුන්සිලයේ සාමාජිකයකු, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු, ආසියා පැසිෆික් කලාපීය නීති සංගමයේ විධායක කමිටු සාමාජිකයකු වැනි ප්‍රධාන තනතුරු කිහිපයක් ද දරයි.
ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නීති අධ්‍යයනය පිළිබඳ ස්ථාවර කමිටුවේ සාමාජිකයකු මෙන්ම වෙනත් තනතුරු කිහිපයක් ද දරා ඇත.
ඔහු ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජික, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්, නීති පීඨයේ උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සාමාජික, ශ්‍රී ලංකා ජාතික බේරුම්කරණ මධ්‍යස්ථාන මණ්ඩලයේ සාමාජිකයකු සහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර ඇත.
ඔහු 2004 දී ආරම්භ කරන ලද කනිෂ්ඨ නීතිඥ නීති සඟරාවේ නිර්මාතෘ වන අතර පසුගිය වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සිංහල නීති සඟරාවේ කර්තෘවරයා ද වේ.
නීතීඥ රජීව් අමරසූරිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගෞරව සහිත නීති උපාධියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ රන් පදක්කම්ලාභියකු ද වේ.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ඇති අතර අන්තර්ජාතික හා ජාතික වශයෙන් වැදගත් සම්මන්ත්‍රණවලදී බොහෝ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart